අසර්බයිජාන් ළමා චිත්‍ර තරඟය
ප්‍රාථමික අංශයේ දරු දැරියන්ගේ දෙමාපියන් වෙත,
පහත දැන්වීමට අදාළ නිර්මාණ 2020.06.20 ට පෙර සියලු විස්තර ඇතුලත් කර පාසලට ගෙනවිත් භාර දෙන්න.
2020.05.04
අද දින සිට 6 - 11 ශ්‍රේණි තෙවන පැවරුම ගුරු භවතුන්ගෙන් ලැබෙන ප්‍රමුඛතාව අනුව යාවත්කාලීන කරනු ලැබේ. මෙම බ්ලොග් පිටුව දිනපතා යාවත්කාලීන කිරීම සිදු කරන බැවින් ඔබගේ ශ්‍රේණියට අදාළ පැවරුම් ලබා ගැනීමට මේ සමඟ නිරන්තරයෙන් රැඳී සිටින ලෙස දන්වා සිටිමු. ඔබ විසින් ඉටු කරන ලද පැවරුම් සියල්ල ෆයිල් කවරයක බහා පිිළිවෙලින් අකනය කර තබා ගන්නා ලෙස දන්වා සිටින අතර, පාසල් ආරම්භවන දිනයේ ඔබ විසින් එය රැගෙන ඒමට කටයුතු කළ යුතුය. සිව්වන පැවරුමේ සිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අතර ඒ පිළිබඳ ඉදිරි සතියේ දී දැනුම් දෙනු ලැබේ.
2020.04.25
අද දින සිට 6 - 11 ශ්‍රේණි දෙවන පැවරුම ගුරු භවතුන්ගෙන් ලැබෙන ප්‍රමුඛතාව අනුව යාවත්කාලීන කරනු ලැබේ. මෙම බ්ලොග් පිටුව දිනපතා යාවත්කාලීන කිරීම සිදු කරන බැවින් ඔබගේ ශ්‍රේණියට අදාළ පැවරුම් ලබා ගැනීමට මේ සමඟ නිරන්තරයෙන් රැඳී සිටින ලෙස දන්වා සිටිමු.
2020.04.23
අද දින සිට දෙමාපිය ඉල්ලීම අනුව පැවරුම් පහසුවෙන් ලබා ගැනීම සඳහා 1, 2, 3 සහ 4 යන ශ්‍රේණි සඳහා ද මෙම බ්ලොග් පිටුවෙහි වෙන වෙනම පිටු වෙන් කරන බව දන්වා සිටිමු. මෙම පැවරුම් පිටු ඉදිරි දින කිහිපයේ ගුරු භවතුන් පැවරුම් ලබා දෙන පිළිවෙල අනුව යාවත්කාලීන කිරීම සිදු වන අතර ඒ පිළිබඳ අවධානයෙන් සිටින මෙන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිමු.
2020.04.20
දයාබර දුවේ, පුතේ,
ඉදිරි දින දෙකේ දී ඔබගේ ශ්‍රේණියට අදාල පළමු පැවරුම ලබා දී අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. ඔබ ඔබගේ ශ්‍රේණියට නියමිත පැවරුම් ලබා දී ඇති උපදෙස් අනුව සම්පූර්ණ කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. පැවරුම් ලබා ගැනීමේදී හා ඉටු කිරීමේ දී ඔබගේ මාපිය වැඩිහිටියන්ගේ උපකාරය ලබා ගන්න. පැවරුම්‍ටෙු කිරීම සඳහා පෙළ පොත් පරිශීලනය කිරීම වැදගත් වේ. 5 ශ්‍රේණිය පැවරුම් ගුරු භවතුන්ගෙන් ලද විගස යාවත්කාලීන කරන බවත් දන්වා සිටිමු.